leadsportz

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ අතිශූර ක්‍රීඩකයා අයෝමාල් - ක්‍රීඩිකාව ජිත්මා

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරුණු 38 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අති ශූරතම මලල ක්‍රීඩකයා ලෙස අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ කේ. එල්. අයෝමාල් අකලංක සම්මාන ලබන අතර වාරයේ දී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ජිත්මා විජේතුංග අති ශූරතම මලල ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 49.90 ක දක්ෂතාවය පදනම් කර ගනිමින් අයෝමාල් අකලංක ද අවුරුදු 20 න් පහළ මීටර් 400 ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 54.09 ක තරග නිමි කාලය පදනම් කර ගනිමින් ජිත්මා විජේතුංග ද අදාළ සම්මාන දිනා ගත්හ.

මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ජවන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට කඳාන ශාන්ත සෙබෙස්තියන් විදුහල නියෝජනය කළ ඔමෙල් සශින්ත (අවුරුදු 20 න් පහළ මීටර් 400 – තත්. 46.17) සමත් වූ අතර දක්ෂතම විසි කිරීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන කුසලාන දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල නියෝජනය කළ එච්. යූ. ජයසිංහ (අවුරුදු 20 න් පහළ යගුලිය දැමීම – මීටර්. 16.27) ට හැකියාව ලැබිණි.

Scroll to Top