leadsportz

දසුන්ට පාකි­ස්තා­න­යෙන් අන­තුරු ඇඟ­වී­මක්

ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශාන­කට හා සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙසිං මුස­ර­බානි ඇතුළු ක්‍රීඩ­ක­යන් කිහි­ප­දෙ­න­කුට එරෙ­හිව දැඩි නීති­මය ක්‍රියා­මාර්ග ගන්නා බවට පාකි­ස්තාන ක්‍රිකට් සභා­පති මොහ්සින් නක්වි ඊයේ අන­තුරු ඇඟ­වී­මක් ක‍ළේය.

මේ ක්‍රීඩ­ක­යන් දෙදෙනා ඇතුළු ලොව අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් පාකි­ස්තාන සුපර් ලීගය (psl) අත්හැර ඉන්දීය ප්‍රීමි­යර් ලීග් තර­ගා­ව­ලි­යට එක්වෙ­මින් සිටින අතර, පාකි­ස්තා­නය සමඟ ඇති ගිවි­සුම් කඩ කිරීම ඔවුන්ට එරෙ­හිව නීති­මය පිය­වර ගැනී­මට හේතු­වන බව පැවසේ.

ශ්‍රී ලංකාවේ දසුන් ශානක, සිම්බා­බ්වේහි බ්ලෙසිං මුස­ර­බානි, ඔස්ට්‍රේ­ලි­යාවේ ජේක් ෆ්‍රේසර් මැගර්ක්, බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ගුර්කේෂ් මෝටි සහ ඔස්ට්‍රේ­ලි­යාවේ ස්පෙන්සර් ජොන්සන් මෙ‍ලෙස පාකි­ස්තාන ක්‍රිකට් ලීග­යට ක්‍රීඩා කිරීම අත්හැර ඉන්දීය ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක්වී­මට නිය­මි­තය.

අලු­තින් ගිවිස ගන්නා අයි­පී­එල් කොන්ත්‍රාත්තු හේතු­වෙන් කලින් අත්සන් කරන ලද පාකි­ස්තාන සුපර් ලීග් ගිවි­සුම් කඩ­වන බව පැව­සු­වද ඒ සඳහා සාධා­රණ හේතු පාකි­ස්තාන ක්‍රිකට් වෙත දැනුම් දීමට මේ ක්‍රීඩ­ක­යන් කට­යුතු කර ඇතැයි වාර්තා වේ.

පසු­ගිය වස­රේදී පාකි­ස්තාන සුපර් ලීග් තර­ගා­ව­ලි­යෙන් ඉවත්වී මුම්බායි ඉන්දි­යන්ස් සමඟ ගිවි­සුම් අත්සන් කළ දකුණු අප්‍රි­කානු ක්‍රීඩක කෝබින් බොෂ්ට වස­රක තහ­න­මක් හා දඩ­යක් පැන­වී­මට පාකි­ස්තාන ක්‍රිකට් ආය­ත­නය පිය­වර ගත් අතර, එය සිහි­පත් කර­මින් පාකි­ස්තාන ක්‍රිකට් සභා­ප­ති­ව­රයා පැව­සුවේ “පාකි­ස්තාන ලීග­යෙන් ඉවත් වූ ක්‍රීඩ­ක­යන්ට එරෙ­හිව” නීති­මය පිය­වර ගන්නා බවයි.

Scroll to Top