leadsportz

ආසියානු කුසලානය අල්මාරියක හිරවෙයි

ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් ජයගත් ඉන්දීය ක්‍රීඩකයන් සම්මාන ප්‍රදානෝත්සවයේදී කුසලානය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කුසලානය රැගෙන ගිය ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රධානි හා පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති මොහ්සින් නක්වි මහතා කුසලානය තබා ඇති ඩුබායි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අල්මාරියට අගුළු දමා පිටව ගොස් ඇත.

ඔහුගේ අනුමැතියකින් තොරව සහ ඉන්දීය නායකයා පෞද්ගලිකව පැමිණීමකින් තොරව වෙනත් කිසිවකුට ආසියානු කුසලානය ගෙනයාම හෝ භාර නොදීම සිදු නොකළ යුතු බවට ආසියානු ක්‍රිකට් කවුන්සිල කාර්යමණ්ඩලයට දැඩි උපදෙස් මොහ්සින් නක්වි මහතා ලබාදී ඇතැයි පීටීඅයි පුවත් සේවය සඳහන් කළේය.

ඉදිරියේදී පැවැත්වෙන අයිසීසී මණ්ඩල රැස්වීමේදී මේ කාරණය විධිමත් ලෙස මතු කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානමින් සිටින බවත්, ඔහු අයිසීසී අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමට පවා උත්සාහ කිරීමට ඉඩ ඇති බවත් වි‍දෙස් මාධ්‍ය වාර්තා කළේය.

Scroll to Top