leadsportz

අවිශ්ක ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස සිට වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු බවට පත් කිරීමෙන් අනතුරුව මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කොළඹ ක්‍රිකට් සමාජයේ හිටපු ක්‍රීඩක අශාන් ප්‍රියනංජන මහතා පත්කර ඇති අතර, 2028දී පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලානය කෙරෙහි විශේෂ අවධානය යොමුකර අවිශ්ක ගුණවර්ධන මහතාට එම කණ්ඩායම භාර දී ඇත. අවිශ්ක ගුණවර්ධන මීට පෙර 19න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, පසුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ හා ජාතික කණ්ඩායමේ පිතිකරණ විශේෂඥ පුහුණුකරු ලෙස පත් කරන ලදි. කෙසේ වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් නිල වශයෙන් අවිශ්ක ගුණවර්ධන මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිවේදනයක් නිකුත් කර නැත.

Scroll to Top