leadsportz

19න් පහළ බාලිකා ක්‍රිකට් ශූර­තාව ගාල්ලට

අවු­රුදු 19න් පහළ බාලිකා යොවුන් ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට දක්ෂ ක්‍රීඩි­කා­වන් සොයා ගැනීමේ අර­මු­ණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කළ ශ්‍රී ලංකා යූත් ලීග් බාලිකා ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට රෂ්මි සංජ­නාගේ නාය­ක­ත්ව­යෙන් තරග කළ ගාල්ල කණ්ඩා­යම සමත් විය.
ඔවුන් පසු­ගිය වසරේ ද මේ තර­ගා­ව­ලියේ ශූරි­යන් වීම විශේ­ෂ­ත්ව­යකි.

එන්සීසී ක්‍රීඩාං­ග­ණයේ පැවති අව­සන් තර­ග­යේදී ගාල්ල කණ්ඩා­යම හමුවේ ලිමංසා තිල­ක­රත්න මෙහෙ­යවූ කොළඹ කණ්ඩා­යම ලකුණු 90කින් පරා­ජ­යට පත් විය.

Scroll to Top