leadsportz

භානුක හා ධනං­ජය විස්සයි20 සංචි­ත­යට

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැ­ත්වී­මට නිය­මිත අයි­සීසී විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට පෙර කණ්ඩා­යමේ පිති­ක­රණ අංශය ශක්ති­මත් කිරී‍මේ අපේ­ක්ෂා­වෙන් එළැ‍ඹෙන පාකි­ස්තාන සංචා­රය වෙනු­වෙන් නම් කළ ශ්‍රී ලංකා මූලික සංචි­ත­යට පිති­කරු භානුක රාජ­පක්ෂ සහ ධනං­ජය ද සිල්වා එක් කර ඇත.

ලබන මස 11දා ආරම්භ වන මේ සංචා­ර­යේදී තරග තුන­කින් යුත් එක්දින තර­ගා­ව­ලි­යක් හා පාකි­ස්තා­නය, ඇෆ්ග­නි­ස්තා­නය, ශ්‍රී ලංකාව සහ­භාගි වන විස්සයි20 තුන්කොන් තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

තේරීම් කමිටු සභා­පති උපුල් තරංග මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් රැස්වූ තේරීම් කමි­ටුව විස්සයි20 තර­ගා­ව­ලිය සඳහා වන 22කගෙන් යුත් මූලික සංචි­ත­යක් නම් කොට ඇති අතර, ඔවුන් කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ ඉහළ කාර්ය සාධන මධ්‍ය­ස්ථා­නයේ මේ දින­වල පුහු­ණු­වී­ම්වල නිර­තව සිටිති.

Scroll to Top