ශ්‍රී ලංකා පාපන්දු පිල ශ්‍රේණිගත කිරීමේ ඉහළට
ශ්‍රී ලංකා පාපන්දු පිල වසර 10කට පසු ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 191 වැනි ස්ථානයට පත් වෙයි. කොළඹ තුරඟ තරග පිටියේදී නිමාව දුටු ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී තුර්කිමෙනිස්තානය ගෝල් 1-0කින් පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පිල මෙලෙස ලෝක පාපන්දු කණ්ඩායම් අතර වේගවත් ප්‍රගතියක් ලබා ගත්තේය.
ෆිෆා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 138 වැනි ස්ථානයේ සිටි තුර්කිමෙනිස්තානය, 197 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා පිල වෙතින් ලද පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු පිලට පියවර 6ක් ඉදිරියට පැමිණීමේ අවස්ථාව උදා වුණි.
අවසන් වරට වසර 2015 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 191 වැනි ස්ථානයේ සිටි අතර, වසර 2023 ජූනි මාසය වෙද්දී ලොව පාපන්දු ක්‍රීඩා කරන රටවල් 210කින් 207 වැනි ස්ථානය දක්වා පහළට ඇද වැටිණි. ඒ වෙද්දී දකුණු ආසියාවේ සියලු රටවල් ශ්‍රී ලංකාවට වඩා පාපන්දු ක්‍රීඩාවේ ඉහළ ප්‍රගතියක් ලබා තිබිණි.


