leadsportz

රිටි පැනීමේ ශූරයා 14වැනි වරටත් සිය ලෝක වාර්තාව අලුත් කරයි

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ස්වීඩනයේ Mondo Duplantis විසින් පිරිමි රිටි පැනීමේ ඉසව්ව ජය ගනිමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය
මෙහිදී ක්‍රීඩකයින් 7 දෙනෙකු මීටර් 5.90 සීමාව තරණය කිරීමට සමත් වූ අතර, මේ නිසාම තරගය තරමක කාලයක් වැඩියෙන් ක්‍රියාත්මක කිරීමටද සිදු විය.

කෙසේ වෙතත් එහිදී මීටර් 6 සීමාවට ළඟා වීමට සමත් වුනේ Mondo Duplantis සහ ඔහුගේ තරග සගයා වන ග්‍රීසියේ Emmanouil Karalis පමණකි. Karalisගේ ගමනද මීටර් 6 සීමාවෙන් නතර වූ අතර, මීටර් 6.30ක අභියෝගය බාර ගත් Duplantis සාර්ථක ප්‍රයත්නයක් සමඟ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.මෙහිදී ඔහු තමන් විසින්ම මීට පෙර පිහිටුවා තිබූ ලෝක වාර්තාව 14වැනි වරටත් අලුත් කිරීමට සමත් වීම විශේෂත්වයකි.

Scroll to Top