ශ්‍රී ලංකාවට කඩුළු 4ක ජයක්
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ඊයේ (15) ක්‍රීඩාකළ තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක ජයක් ලබාගැනීමට සමත් විය.
බී කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ඩුබායිහිදී පැවති අතර, මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමටද හැකිවිය.
මෙහිදී ශ්‍රී ලංකාවට හොංකොං කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 150 ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 153ක් රැස්කරමින් පසුකළේය.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ පැතුම් නිස්සංක ලකුණු 68ක් ලබාගැනීමට සමත්විය.
කුසල් පෙරේරා ලකුණු 20ක් රැස් කළ අතර, වනිඳු හසරංග නොදැවී ලකුණු 20ක් රැස්කිරීමට සමත් විය.


