leadsportz

ඉන්දියාව ඇති කළ කළු පැල්ලම ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්

2025 ආසියානු කුසලාන තරඟාවලිය යටතේ ඩුබායි හි ඊයේ(14) පැවති තරගයේදී ඉන්දීය කණ්ඩායම පාකිස්තාන ක්‍රීඩකයන් සමග අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන කණ්ඩායම් කළමනාකරු නවීඩ් අක්‍රම්, තරඟ තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඉන්දීය නායකයා ඇතුළු කණ්ඩායමේ එම ක්‍රියාව ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනි ක්‍රියාවක් බව එහි සදහන් කර තිබේ.

මේ වසර මුලදී පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් දෙරට අතර ඇති වූ ගැටුම්වලින් පසු දෙරටේ ක්‍රීඩකයින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පළමු වරට හමුවූයේ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ය.

ඉන්දියාව තරගය කඩුලු හතකින් ජයග්‍රහණය කළ අතර, තරගය ජයග්‍රහණය කරන අවස්ථාවේ පිටියේ පන්දුවට පහර දෙමින් සිටි නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ සුපුරුදු පරිදි පිටිය මැදදී ප්‍රතිවාදීන්ට අතට අත දීම වෙනුවට වහාම පිටියෙන් ඉවත් වූහ.

පසුව, පාකිස්තාන ක්‍රීඩකයින් පිටියෙන් ඉවත් වන විට ඉන්දීය ක්‍රීඩකයින් සිටි ස්ථානය දෙසට ඇවිද යන බවක් පෙනෙන්නට තිබුණත්, ඉන්දීය ක්‍රීඩකයින් ඒ වන විටත් ඇඳුම් මාරු කරන ස්ථානය වෙත ආපසු ගොස් තිබිණි.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුවද සූර්යකුමාර් සහ පාකිස්තාන නායක සල්මන් ආගා අතර අතට අත දීමක් සිදු නොවීය.

Scroll to Top