leadsportz

ශ්‍රී ලංකා පිල වසර 6කට පසු පාකි­ස්තා­න­යට

පාකි­ස්තා­නය, ඇෆ්ග­නි­ස්තා­නය සහ ශ්‍රී ලංකාව සහ­භාගි වන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලි­යක් ලබන නොවැ­ම්බර් 17 සිට 29 දක්වා පැවැ­ත්වී­මට පාකි­ස්තාන ක්‍රිකට් ආය­ත­නය සැල­සුම් කොට ඇත.

ලබන වසරේ ඉන්දි­යාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැ­ත්වී­මට නිය­මිත අයි­සීසී විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට පෙර සූදා­න­මක් ලෙස මේ තර­ගා­ව­ලිය සංවි­ධාන කර ඇත.

ශ්‍රී ලංකාව වසර 6කට පසු පාකි­ස්තා­නයේ ක්‍රිකට් සංචා­ර­යක නිරත වන අතර, අව­සන් වරට 2019 ඔක්තෝ­බර් මාසයේ පැවති විස්සයි20 තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකාව 3-0ක ජයක් වාර්තා කළේය. ප්‍රවීණ ක්‍රීඩ­ක­යන් කිහි­ප­දෙ­නකු පාකි­ස්තා­න­යට යෑම ප්‍රති­ක්ෂේප කරද්දී දසුන් ශාන­කගේ නාය­ක­ත්ව­යෙන් යුත් කණ්ඩා­ය­මක් පාකි­ස්තා­නය බලා පිටත්වූ අතර, එහිදී තර­ගා­ව­ලියේ වීරයා සම්මා­නය වනිඳු හස­රංග දිනා ගත්තේය.

මෙවර තුන්කොන් තර­ගා­ව­ලිය නොවැ­ම්බර් 17 වන දින රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පාකි­ස්තා­නය සහ ඇෆ්ග­නි­ස්තා­නය අතර තර­ග­යෙන් ආරම්භ වන අතර, නොවැ­ම්බර් 19 වන දින රාව­ල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ශ්‍රී ලංකාව හා ඇෆ්ග­නි­ස්තා­නය අතර තර­ගය පැවැත්වේ. නොවැ­ම්බර් 29දා පැවැ­ත්වෙන අව­සන් තර­ගය ඇතුළු තර­ගා­ව­ලියේ ඉතිරි විස්සයි20 තරග පහම ලාහෝර් ගඩාෆි ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

Scroll to Top