leadsportz

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (9) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ආරම්භවේ.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් ඇරඹෙන තරගාවලියේ කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිතය. එහිදී ‘ඒ’ කාණ්ඩය යටතේ, ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදින අතර ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං යන කණ්ඩායම් තරග වදිති.මෙම තරග විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වේ.

තරගාවලියේ පළමු තරගය අද රාත්‍රියේ අබුඩාබි හිදී ඇෆ්ගනිස්තානය සහ හොංකොං අතර පැවැත්වේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන මූලික වටයේ ප්‍රථම තරගය ලබනඑළැඹෙන 13 වැනිදා බංග්ලාදේශය සමග අබුඩාබිහිදී පැවැත්වේ. දෙවැනි තරගය හොංකොං සමග 15 වැනිදා ඩුබායි හිදීත්, තෙවැනි තරගය ඇෆ්ගනිස්තානය සමග අබුඩාබි හිදීත් පැවැත්වීමට නියමිතය.

තරගාවලිය ප්‍රථමයෙන් සත්කාරකත්වය දරන ඉන්දියාවේම පැවැත්වීමට නියමිතව පැවැතියද, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශයෙහි පවතින දේශපාලනික අර්බුද හේතුවෙන් තරගාවලිය ඉන්දියාවෙන් බැහැරව එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙහි පැවැත්වීමට තීරණය කෙරිණි. ඒ අනුව සියලු තරග ඩුබායි සහ අබුඩාබි යන ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිතය.

Scroll to Top