leadsportz

එංගලන්තය වාර්තා පොත් අලුත් කරයි

දකුණු අප්‍රිකාව සමග ඊයේ(7) පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 342ක දැවැන්ත ජයක් ලබමින් එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් ලැබූ ජයග්‍රහණයට හිමිකම් කීමට එංගලන්තය සමත් විය.
මෙහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50තුළදී කඩුළු 5ක් දැවී ලකුණු 414ක් රැස්කිරීමට සමත්වූ අතර, ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට සියල්ලන්ම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 72ක් පමණි. එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් සහ ජේකොබ් බෙතෙල් ශතක රැස් කිරීමට සමත් වූහ.
කෙසේවෙතත්, 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.
එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් ලැබූ ජයග්‍රහණයට මීට පෙර හිමිකම් කීවේ ඉන්දියාව වන අතර, ඒ 2023 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 317ක ජයග්‍රහණයයි.

Scroll to Top