රුමේෂ් තරංගට හෙල්ල විසිකිරීමෙන් රන් පදක්කමක්
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේ අද (22) පැවති හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඔහු මීටර 82.05ක දක්ෂතාවක් දක්වමින් මෙම පදක්කම දිනාගත්තේය.
මෙහි රිදී පදක්කම ජපාන ක්‍රීඩකයෙකුට හිමිවූ අතර, ඔහු මීටර. 78.60ක දක්ෂාතාවක් දැක්වීය.
ලෝකඩ පදක්කම මීටර 77.43ක දක්ෂතාවක් දැක් වූ පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් දිනාගත්තේය.
මේ අතර මෙම තරගයට පෙර පැවති කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා ලේකම්ගේ සමත්විය.
ඇය මීටර් 57.53ක දක්ෂතාවක් දැක්වීය. එය තරගවාරය තුළ ඇය දැක්වූ ඉහළම දක්ෂතාව මෙය වීම විශේෂත්වයකි.


