leadsportz

ආසි­යානු සවි එස­වීමේ තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා­වට පද­ක්කම් වැස්සක්

නේපා­ලයේ කත්මණ්ඩු නුව­රදී නිමාවූ ආසි­යානු ශූරතා සවි එස­වීමේ තර­ගා­ව­ලි­යේදී රන් පද­ක්කම් 24ක්, රිදී පද­ක්කම් 2ක් හා ලෝකඩ පද­ක්ක­මක් සමඟ පද­ක්කම් 27ක් දිනා ගැනී­මට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

නේපා­ලයේ කත්ම­ණ්ඩුහි පොලිස් ක්‍රීඩා සමාජ ශාලාවේ පැවති මේ තර­ගා­ව­ලි­යට ආසි­යාව පුරා විසිරී සිටින ඉහ­ළම එස­වු­ම්ක­රු­වන් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 13 දෙන­කු­ගෙන් යුත් කණ්ඩා­ය­මක් විවිධ බර කාණ්ඩ සහ වයස් කාණ්ඩ යටතේ සහ­භාගි වූහ.

මෙහිදී ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කළ රුවන් පෝල් හා ඔහුගේ බිරිය වන ඔස්ට්‍රේ­ලි­යාවේ උපන් ලිඩියා පෝල් එක්ව රන් පද­ක්කම් 11ක් හා රිදී පද­ක්ක­මක් දිනා ගැනී­මට සමත් වූහ.

Scroll to Top