ජාතික යෞවන ක්‍රීඩා උලෙළට ඉතිහාසයේ මුල් වරට නව ක්‍රීඩා 3ක්
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, තරුණ කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන 35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලෙළට නව ක්‍රීඩා ඉසව් 3ක් එක් කිරීමට කටයුතු යොදා ඇත. මේ වසරේ සිට පිහිනුම්, චෙස් හා බැඩ්මින්ටන් යන ඉසව් ඉතිහාසයේ පළමු වරට ජාතික යෞවන ක්‍රීඩා උලෙළට එක්වනු ඇත.
එයින් පිහිනුම් හා බැඩ්මින්ටන් රටවල් 204ක් සහභාගිවන ඔලිම්පික් උලෙළ දක්වා ක්‍රියාත්මක වන අතර, රටවල් 192ක් සහභාගිවන චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය දක්වා ක්‍රියාත්මක චෙස් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ බහුලව ක්‍රියාත්මක වේ. එබැවින් ප්‍රාදේශීය මට්ටමේ සිට ක්‍රියාත්මක වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළට මේ ක්‍රීඩා තුන ඇතුළත් කිරීම පිළිබඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශාල ප්‍රසාදයක් හිමිව තිබේ.
මෙතෙක් ජාතික යෞවන ක්‍රීඩා උලෙළට මලල ක්‍රීඩා ඉසව් සමඟ මැරතන් ඇතුළු කණ්ඩායම් ක්‍රීඩා 10ක් ක්‍රියාත්මක වූ අතර, නව තරග රටාව අනුව එය වඩාත් පුළුල් මට්ටමකට විසිරී ඇත.
ඉතිහාසය පුරා එම තරග පැවැත්වූවේ වයස අවුරුදු 20න් ඉහළ හා වයස අවුරුදු 20න් පහළ වයස් සීමාවන් අතරේ වුවද, මෙවර එය වයස අවුරුදු 15ත් 29ත් අතර සීමාවලට අදාළව නව ක්‍රමවේදයක් ඔස්සේ සංවිධාන කිරීමට සාකච්ඡා ආරම්භවී ඇත. වැඩි සහභාගිත්වයක් සහිතව තරුණ ප්‍රජව තුළ ආකර්ෂණීය ක්‍රීඩා උලෙළක් පැවැත්වීම එයින් අරමුණු කොට තිබේ.


