සිම්බාබ්වේ යන ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ
සිම්බාබ්වේ තරග සංචාරයේ එක්දින තරගාවලියට ක්‍රීඩාකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර ඇත.
දෙරට අතර තරග 3 බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන අතර, ඉන් පළමුව පැවැත්වෙන එක්දින තරගාවලිය මේ මස 29වැනිදා ආරම්භ වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (22) සිම්බාබ්වේ බලා පිටත්ව යෑමට නියමිතය.


