leadsportz

ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් දෙවැනි අදියර නොවැම්බරයේ

ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම සහ කීර්තිමත්ම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් හොකී ලීග් (Premier Hockey League (PHL) Sri Lanka ) දෙවන අදියර, නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වීමට නියමිතය.


මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, BRC, CH, CR, Old Senanayakians Sports Club (DS), Royal College Hockey Club ඇතුළු ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ප්‍රභල කණ්ඩායම් 9ක් එක්වනු ඇත.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතුව Nextgen Hockey Development Society මෙම PHL 2025 තරගාවලිය සංවිධාන කරනු ලබයි.


PHL පළමු අදියරේදී, ඉන්දියාව සහ පකිස්ථානයේ ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් ඇතුළු ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියට සහභාගී වූ අතර, මේ වසරේදී ද PHL තරගාවලිය සඳහා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් රාශියකගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ

Scroll to Top