leadsportz

බංග්ලා­දේ­ශය ශ්‍රී ලංකා ගෝල රකි­න්නා මිලදී ගනී

ශ්‍රී ලංකා පාපන්දු නායක හා ගෝල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරා ලබන වසරේ පැවැ­ත්වෙන බංග්ලා­දේශ ප්‍රිමි­යර් ලීග් පාපන්දු තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීම උදෙසා බංග්ලා­දේශ ෆෝටිස් පාපන්දු සමා­ජය සමඟ ගිවි­සු­ම­කට එළඹ තිබේ.

බංග්ලා­දේශ ප්‍රිමි­යර් ලීග් පාපන්දු තර­ගා­ව­ලියේ මේ වසරේ ක්‍රීඩ­ක­යන් ලියා­ප­දිංචි කිරීම මෙයට දින කිහි­ප­ය­කට පෙර අව­සන් වූ අතර, එහිදී බංග්ලා­දේශ ෆෝටිස් පාපන්දු සමා­ජය සුජාන් පෙරේරා මෙවර තර­ගා­ව­ලිය වෙනු­වෙන් තෝරා ගෙන ඇත.

මේ ප්‍රිමි­යර් ලීග් පාපන්දු තර­ගා­ව­ලිය ලබන මස 19 වන දින ආරම්භ වන අතර, බංග්ලා­දේශ අන්තර් සමාජ පාපන්දු පිටි­යට වසර ගණ­නා­ව­කට පසු ශ්‍රී ලාංකි­ක­යෙකු එක්වීම කැපී පෙනේ.

මෙයට දශක කිහි­ප­ය­කට පෙර බංග්ලා­දේශ පාපන්දු පිටි­යට ලය­නල් පීරිස් සහ දෙමෝ­දර චන්ද්‍ර­සිරි වැනි වැනි ගෝල රකින්නෝ එක්ව සිටි­යහ. බංග්ලා­දේශ අන්තර් ක්‍රීඩා සමාජ තර­ග­ව­ලදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමා­ජයේ රුමී පකීර් අලි, උපුල් ප්‍රේම­ලාල්, අශෝක රවීන්ද්‍ර, මධ්‍යම ගම­නා­ග­මන පිලේ ආර්. මහි­න්ද­පාල හා ශාන්ත කුමාර වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­යන් බංග්ලා­දේ­ශයේ ක්‍රීඩා කර ඇත.

Scroll to Top