leadsportz

ජාතික ගමන් මග වැඩ­ස­ට­හ­නින් කෝටි 50ක ක්‍රිකට් උප­ක­රණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය රට පුරා සිදු­ක­රනු ලබන ‘ජාතික ගමන් මඟ’ වැඩ­ස­ට­හන යටතේ කනිෂ්ඨ පාසල් 690ක් සඳහා ක්‍රිකට් උප­ක­රණ කට්ටල බෙදා දීමේ දීප­ව්‍යාප්ත වැඩ­ස­ට­හන ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභා­පති ශම්මි සිල්වා යන මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ ක්‍රීඩා අමා­ත්‍යාංශ ශ්‍රව­ණා­ගා­ර­යේදී සිදු ‍ කෙරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය රුපි­යල් කෝටි 50ක විය­ද­මින් ක්‍රිකට් උප­ක­රණ, ක්‍රිකට් ක්‍රීඩක සපත්තු කට්ටල, ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන සෑම පාස­ල­ක­ටම පන්දුව විසි­කි­රීම සඳහා යොදා ගනු ලබන උප­ක­රණ දිස්ත්‍රික් සහ පළාත් පුහු­ණු­ක­රු­වන් වෙනු­වෙන් පුහුණු කිරීමේ උප­ක­රණ කට්ටල සහ ක්‍රිකට් පන්දු බෙදා­දීම සිදු විය.

කොළඹ ක්‍රියා­ත්මක වූ මේ ජාතික වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව රට පුරා දිස්ත්‍රික්ක 25කදී ඊයේ එකම වෙලා­වට මේ උප­ක­රණ බෙදා­දී­මට කට­යුතු යොදා තිබීම විශේ­ෂ­ත්ව­යකි.

Scroll to Top