leadsportz

අලුත් මුහුණු ගැන ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම මේ මස අගදී ආරම්භ කරන සිම්බාබ්වේ සංචා­රය වෙනු‍වෙන් හා ලබන මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යේදී ආරම්භ වන ආසි­යානු ක්‍රිකට් තර­ගා­ව­ලිය වෙනු­වෙන් සූදා­නම් කරන ශ්‍රී ලංකා විස්සයි20 සංචි­ත­යෙන් දිනේෂ් චන්දි­මාල්, අවිශ්ක ප්‍රනාන්දු, එෂාන් මාලිංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ ඉවත් කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි­ටුව පිය­වර ගෙන ඇතැයි වාර්තා වේ.

පසු­ගිය කාලයේ අසා­ර්ථ­ක­ත්ව­යට පත්වූ ක්‍රීඩ­ක­යන් වෙනු­වට මේ කාල­යේදී දක්ෂතා අතර සිටින ක්‍රීඩ­ක­යන් කිහිප දෙනකු ඉදි­රි­යට ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි­ටුවේ අපේ­ක්ෂාව වේ.

අව­ස­න්ව­රට ශ්‍රී ලංකා‍‍වේ පැවති බංග්ලා­දේශ තර­ගා­ව­ලි­යේදී ආබා­ධ­ය­කට ලක්වූ වනිඳු හස­රංග ද ශ්‍රී ලංකා සංචි­ත­යට ඇතු­ළත් කොට නැති අතර, ඉව­තට යන ක්‍රීඩ­ක­යන් වෙනු­වට නුව­නිඳු ප්‍රනාන්දු, කමිල් මිෂාර, දුෂාන් හේමන්ත හා විශේන් හැළ­ඹගේ එක් කිරී­මට සූදා­නම් වේ.

Scroll to Top