බාබර් අසාම් සහ රිස්වාන් ආසියානු කුසලානයෙන් ඉවතට
අගෝස්තු 29වැනිදා සිට සැප්තැම්බර් 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවන පාකිස්තානු සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළේය.
සල්මන් අලි ආගාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 17ක සංචිතයක් මේ සඳහා නම් කර ඇත.
කෙසේ නමුත් වත්මන් පාකිස්තාන කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් දෙපළ වන බාබර් අසාම් හා මොහොමඩ් රිස්වාන් මෙවර ආසියානු කුසලානයෙන් ඉවත්කර ඇත.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සැප්තැම්බර් 9වැනිදා ආරම්භ වන අතර, එම තරගාවලියට පෙර පාකිස්තාන කණ්ඩායම එරටදී තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීමට නියමිතය.


