ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් විස්සයි20 ශූරතාවය ග්‍රීන්ස් කණ්ඩායමට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය ජය ගැනීමට ග්‍රීන්ස් කණ්ඩායම සමත්විය.
ඒ ග්‍රේස් කණ්ඩායම ලකුණු 23කින් පරායට පත්කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනූ ග්‍රේස් කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ග්‍රීන්ස් කණ්ඩායමට ලබා දුනි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රීන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 47ක් තුළ වේගවත් ලකුණු 77ක් රැස්කරගත්තේය.
ලකුණු 190ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 166ක් පමණි.


