leadsportz

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට දීර්ඝ කොදෙව් තරග සංචාරයක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම යොවුන් එක්දින තරගාවලියක් සඳහා එළැඹෙන 24 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (14) නිවේදනය කළේය.

යොවුන් එක්දින තරග 7කින් සමන්විත අදාළ තරගාවලිය අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා ඇන්ටිගුවා හි පිහිටි කූලිජ් ක්‍රීඩාංගණයේ සහ ශ්‍රීමත් විවියන් රිචඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අගෝස්තු 30 වැනිදාට යෙදෙන පළමු තරගය මෙන්ම, පිළිවෙළින් සැප්තැම්බර් 2,4 සහ 7 යන දිනවලට යෙදෙන තරග කූලිජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. අනතුරුව සැප්තැම්බර් 9, 12 සහ 15 දිනවල තරග ශ්‍රීමත් විවියන් රිචඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

Scroll to Top