පාකිස්තානයට දැවැන්ත පරාජයක්
පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 202ක දැවැන්ත ජයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 294ක් රැස් කිරීමට සමත්වූ අතර, ඊට පිළිතුරු ලෙස පාකිස්තානයට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 92ක් පමණි.
ඒ අනුව 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවූ අතර, බටහිර ඉන්දීය කොදෙව්වන් පාකිස්තානයට එරෙහිව එක්දින තරගාවලි ජයක් හිමිකර ගනු ලැබුවේ වසර 34කට පසුව වීම විශේෂත්වයකි.


