leadsportz

ක්‍රිකට් රන් දෙවොලේ තණ­කොළ විකු­ණයි

ක්‍රිකට් ලොව රන් දෙවොල යනු­වෙන් හඳු­න්වන ඓති­හා­සික ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ තණ­කොළ කපා විකි­ණී­මට මාර්ලි­බෝන් ක්‍රිකට් සමා­ජය කට­යුතු යොදා ඇත. අඩි 3යි අඟල් 10ක් දිගින් හා අඩි 2ක් පළ­ලින් යුත් තණ පිඩැ­ල්ලක් ස්ටර්ලින් පවුම් 50 (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් 20,200ක්) බැගින් අලෙවි කිරී­මට සූදා­නම් වේ.

ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ තණ­කොළ සම්පූ­ර්ණ­යෙන්ම ඉවත් කොට සංව­ර්ධ­නය කිරී­මට මාර්ලි­බෝන් ක්‍රිකට් සමා­ජය තීර­ණය කොට ඇති හෙයින් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ක්‍රිකට් ඉති­හා­සයේ කොට­සක් ගෙදර ගෙන­යෑ­මට අව­ස්ථාව ලබා­දෙන බව එම සංග­මය පවසා සිටී. වසර 1814දී ඉදි­ක­රන ලද ලෝඩ්ස් ක්‍රිකට් පිටිය දශක දෙක­කට වැඩි කාල­යක් සංව­ර්ධ­නය වී නැති හෙයින් ලබන මාස­යේදී තණකොළ සම්පූ­ර්ණ­යෙන් ඉවත් කෙරේ.

ලෝඩ්ස්හි තණකොළ සාමා­න්‍ය­යෙන් උසස් තත්ත්වයේ රයි­ග්‍රාස් මිශ්‍ර­ණ­යක් වන අතර, පිටියේ වේග­වත් බව ආරක්ෂා කර ගැනී­මට මේ නඩත්තු කට­යුත්ත කඩි­නම් කළ යුතුව ඇතැයි පැවසේ.

Scroll to Top