leadsportz

යෙවාන් ඩේවිඩ් Formula 3 සඳහා සුදුසුකම් ලබයි

2026 FIA Formula 3 තරග වාරය සඳහා සුදුසුකම් ලැබූ පළමු ලාංකිකයා බවට පත්වීමට යෙවාන් ඩේවිඩ් සමත්ව තිබේ.

ඒ, AIX රේසිං කණ්ඩායම සමග ඔහු ලබන වසරේ තරගාවලිය සඳහා අත්සන් කිරීමත් සමඟයි.

ඔහු මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරකට හිමිකම් කියනු ලැබේ.

ඔහු අගෝස්තු මස මුලදී GB3 හි හොඳම 10 දෙනා අතරට පැමිණීමට ද සමත් විය.

ඊට පෙර, ඔහු 2024 වසරේදී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතා සඳහා ද තරග කර තිබේ.

Scroll to Top