මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පාසල් රග්බි ශූරතාව දිනයි
2025 වසරේ පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ සමත් විය.
පාසල් 18 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙවර පාසල් ලීග් රග්බි තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසින් ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජය ගන්නට සමත් විය.
ඔවුන් මෙම ශූරතාව දිනා ගත්තේ කොළඹ වෙස්ලි විද්‍යාලය සමග තරග ලකුණු 23ට 21ක් ලෙස ජය ගැනීමත් සමගය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව දිනාගනු ලැබුවේ වසර 38කට පසුව වීමද විශේෂත්වයකි.


