leadsportz

5වැනි ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට තියුණු ජයක්

එංගලන්ත කණ්ඩායමට එරෙහිව 5වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 224ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 247කට දැවී ගියේය.
ඒ අනුව ලකුණු 23ක් පසුපසින් දෙවන ඉනිම ඇරඹූ ඉන්දියාව එවර ලකුණු 396කට දැවීගියේය.
ලකුණු 374ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට ලබාගත හැකිවූයේ සියලුදෙනා දැවී ලකුණු 367ක් පමණි.
ඒ අනුව තරගාවලිය 2-2 ලෙස නිමාවට පත්විය.

Scroll to Top