ශ්‍රී ලංකා ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 3ක් නම් කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ මස අගදී සිම්බාබ්වේ සංචාරය ආරම්භ කිරීමට පෙර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී (එස්එස්සී) පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් විස්සයි-20 තරගාවලිය සදහා කණ්ඩායම් 3ක් නම් කර තිබේ.එහිදී, බ්ලූස් කණ්ඩායමේ නායකත්වය දුනිත් වෙල්ලාලගේට ලබාදී ඇති අතර, ග්‍රීන්ස් පිලේ නායකත්වයට කමිඳු මෙන්ඩිස් සහ ග්‍රේස් පිලේ නායකත්වයට චරිත් අසලංක නම් කොට තිබේ.
ශ්‍රී ලංකාවේ මුල් පෙළේ ක්‍රීඩකයන් කණ්ඩායම් 3කට බෙදී මේ විස්සයි-20 තරගාවලිය පැවැත්වෙන අතර, පළමු තරගය අගෝස්තු මස 7 වැනිදා එස්එස්සී පිටියේදී පැවැත්වේ. මූලික වටයේ අවසානයේදී ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක අගෝස්තු 16දා එස්එස්සී ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
බ්ලූස් කණ්ඩායම – දුනිත් වෙල්ලාලගේ (නායක), පැතුම් නිශ්ශංක, විශේන් හැළඹගේ, කුසල් පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අහන් වික්‍රමරත්න, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුසංඛ, ලිලාන් රංගන, මොහොමඩ් සිරාස්, රවිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, නිශාන් මධුෂ්ක, සෙනිත හැළඹගේ.
ග්‍රීන්ස් කණ්ඩායම – කමිඳු මෙන්ඩිස් (නායක), කුසල් මෙන්ඩිස්, ලසිත් කෲස්පුල්ලේ, සදීර සමරවික්‍රම, භානුක රාජපක්ෂ, පවන් රත්නායක, සොනාල් දිනූෂ, චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත, ට්‍රෙවීන් මැතිව්, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන්, ජනිත් ලියනගේ, දුලාජ් සමුදිත, තරිඳු රත්නායක, නිමේෂ් විමුක්ති, කමිල් මිෂාර, ළහිරු මධුසංඛ.
ග්‍රේස් කණ්ඩායම – චරිත් අසලංක (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, චමිඳු වික්‍රමසිංහ, විජේකාන්ත් වියෙස්කාන්ත්, මහීෂ් තීක්ෂණ, ඒෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, ගරුක සංකෙත්, මොවින් සුබසිංහ, මිලාන් රත්නායක, මෙලාන් හංසක, සහන් ආරච්චිගේ, ෂෙවෝන් ඩැනියෙල්, සිනෙත් ජයවර්ධන.


