ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බාලිකාවෝ ලංකාවට
සීමිත පන්දුවාර තරග 6කින් යුත් තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන සැප්තැම්බර් මස මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (29) නිවේදනය කළේය.
තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග 5ක් සහ එක්දින තරගයක් ඇතුළත් වේ.
සැප්තැම්බර් මස 19 වැනිදා සිට විස්සයි විස්ස තරගාවලියෙන් ඇරැඹෙන තරග සංචාරයේ සියලු තරග හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එක්දින තරගය සැප්තැම්බර් 29 වැනිදාට යෙදී ඇත.


