leadsportz

ජෝ රූට් ටෙස්ට් පිතිකරුවන් අතර අංක දෙකට එයි

ජාත්‍ය­න්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකු­ණු­ලා­භීන් අතර දෙවැනි තැන අත්කර ගැනී­මට එංග­ලන්ත සුපිරි පිති­කරු ජෝ රූට් සමත් විය.

ඉන්දි­යා­වට එරෙහි මැන්චෙ­ස්ට­ර්හිදී ඊයේ නිමාවූ සිවු වැනි ටෙස්ට් තර­ග­යේදී රූට් මේ දස්කම කළේ ලකුණු 150ක විශිෂ්ට ඉනි­මක් ක්‍රීඩා කර­මිනි.

මේ තර­ග­යට පෙර ලකුණු 13,259ක් සමඟ ජාත්‍ය­න්තර ටෙස්ට් පිටියේ වැඩිම ලකු­ණු­ලා­භීන් අතර 5 වැනි තැන සිටි රූට් ලකුණු 120ක් රැස් කිරී­මත් සමඟ දෙවැනි ස්ථානය දක්වා ඉදි­රි­යට ගියේය. ඉන්දීය සුපිරි පිති­කරු සචින් තෙන්ඩු­ල්කාර් පම­ණක් රූට්ට ඉදි­රි­යෙන් සිටින අතර, ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 15,921කි. මේ වන විට තරග 157ක් ක්‍රීඩා කර ඇති රූට් ලකුණු 13409ක් රැස් කර තිබේ.

මේ තර­ග­යේදී රූට් විසින් ඉන්දි­යාවේ රාහුල් ඩ්‍රාවිඩ් (13,288), දකුණු අප්‍රි­කාවේ ජැක් කාලිස් (13,289) සහ ඔස්ට්‍රේ­ලි­යාවේ රිකී පොන්ටින් (13,378) පසු කිරී­මට සමත් විය. මේ තර­ග­යේදී පන්දු 248කට මුහුණ දුන් රූට් හතරේ පහර 14ක් සම­ඟින් ලකුණු 150ක් රැස් කළේ 38 වැනි ටෙස්ට් ශත­කය ලෙසිනි.

Scroll to Top