leadsportz

ආරක්ෂක සේවා පැසිපන්දු කාන්තා ශූරතාව ගුවන් හමුදාවට

ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධාන කරනු ලැබු ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ පැසිපන්දු තරගාවලිය පසුගියදා වැලිසර කමාන්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී සාර්ථකව අවසන් විය.

මෙම තරඟාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායමට එරෙහිව ලකුණු 46-45 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් අඛණ්ඩව තුන්වන වරටත් ගුවන් හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම 13 වන ආරක්ෂක සේවා පැසිපන්දු ශුරතාවය දිනා ගැනීමට සමත් විය.

13 වන ආරක්ෂක සේවා පැසිපන්දු ශුරතාවයේ පිරිමි අංශයේ ජය ලකුණු 79-65 ක තියුණු තරගයකින් අනතුරුව යුධ හමුදාව දිනා ගත් අතර එහි අනුශූරතාවය ගුවන් හමුදාව සතු විය.

Scroll to Top