leadsportz

විස්සයි20 ලෝක කුස­ලානය ගැන අයි.සී.සීයෙන් අලුත් තීරණයක්

විස්සයි20 ලෝක කුස­ලා­න­යට සහ­භාගී වන කණ්ඩා­යම් සංඛ්‍යාව වැඩි කිරී­මට ජගත් ක්‍රිකට් සමු­ළුව තීර­ණය කර ඇත. ලබන වසරේ ඉන්දි­යාවේ සහ ශ්‍රී ලංකා­වේදී දස වැනි විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය පැවැ­ත්වෙන අතර, එය 2024දී අමෙ­රි­කා‍වේදී පැවති ක්‍රම­යට කණ්ඩා­යම් 20ක සහ­භා­ගී­ත්ව­යෙන් පැවැ­ත්වේ.අනතුරුව, 2028 වසරේ පැවැ­ත්වෙන විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී රට­වල් සංඛ්‍යාව 32ක් දක්වා වැඩි කිරී­මට අයි­සී­සීය සූදා­නම් වේ.

මෙයට දින තුන­කට පෙර සිංග­ප්පූ­රුවේ පැවති අයි­සීසී වාර්ෂික මහා සභා රැස්වී­මේදී මේ පිළි­බ­ඳව සාකච්ඡා කොට ඇති අතර, කණ්ඩා­යම් 32ක් දක්වා පුළුල් කිරීමේ ශක්‍ය­තාව පරීක්ෂා කිරීම සඳහා සාමා­ජි­ක­යන් 6 දෙනෙ­කු­ගෙන් යුත් විශේෂ ක්‍රියා­කාරී කමි­ටු­වක්ද නම් කොට ඇත.

හිටපු නව­සී­ලන්ත ක්‍රිකට් ක්‍රීඩක රොජර් ට්වෝස්ගේ මෙහෙ­ය­වී­මෙන් නම් කොට ඇති මේ ශක්‍යතා කමි­ටු­වට ඉන්දි­යාව, ඔස්ට්‍රේ­ලි­යාව සහ එංග­ල­න්තය වැනි ක්‍රිකට් බල­ව­තුන්ගේ නියෝ­ජි­ත­යන් පස් දෙනකු ද පත්කොට තිබේ.

මූලික වශ­යෙන් ඉතා­ලිය වැනි කුඩා රට­වල් ක්‍රිකට් ක්‍රීඩාවේ ලබා ඇති සාර්ථ­ක­ත්ව­යෙන් පසු අයි­සී­සීය එවැනි රට­ව­ලට වැඩි අවස්ථා උදා කර­දී­මට අද­හස් කොට ඇත.

Scroll to Top