ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් රන් පදක්කම් මධ්‍යම පළාතට
49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් කාන්තා සහ පිරිමි ශූරතාව හිමිකර ගැනීමට මධ්‍යම පළාත සමත් විය.එහිදී අනුශූරතාව හා තෙවන ස්ථාන පිළිවෙලින් ඌව සහ නැගෙනහිර පළාත්වලට හිමිවිය.
පිරිමි ශූරතාව මධ්‍යම පළාතේ කේ. ශන්මුගෂ්වරන් විසින් දිනාගත් අතර, අනුශූරතාව ඌව පළාතේ ඊ.ඒ. සී. චන්දනටත් තෙවන ස්ථානය නැගෙනහිර පළාතේ ටී.ඩබ්.රත්නපාලටත් හිමිවිය.
කාන්තා ශූරතාව සහ අනුශූරතාව මධ්‍යම පළාත ලබා ගත් අතර, ශූරතාවයට හිමි රන් පදක්කම වත්සලා මදුෂානි හේරත්ට හිමිවිය. අනුශූරතාව චාමිණී සමුදිකා හේරත් සහ තෙවන ස්ථානය ඌව පළාතේ නිමේෂා නිදර්ශනී විසින් හිමිකර ගත්හ.


