යොවුන් ආසියානු රග්බි තරගාවලිය අගෝස්තු 09වැනිදා ඇරඹෙයි
ඉන්දියාවේ බිහාර් ප්‍රදේශයේදී පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ යොවුන් ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනකු ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
අගෝස්තු මස 09 වැනිදා සිට 10 වැනිදා දක්වා දිවෙන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඉසිපතන විද්‍යාලයේ හිටපු නායක ෂාහීඩ් සුමරියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය පසිඳු බණ්ඩාරට හිමි වී තිබේ.
ශ්‍රී ලංකා සංචිතය
ෂාහිඩ් සුම්රි (නායක) – ප්‍රනීත් සිල්වා
පසිඳු බණ්ඩාර (උපනායක) – යෙහාන් බුලත් සිංහලගේ
ගයාන් පෙරේරා – කලිඳු සිල්වා
උදීෂ රත්නායක – ඉසුරු විතානගේ
මහතීර් රබන් – දිනේන්ද්‍ර වික්‍රමාරච්චි
ෆහාඩ් නසාත් – අබ්දුල්ලා හයිෆර්
රුෂේන් බණ්ඩාරනායක – ජනිත් මාරසිංහ, පසිඳු විජේරත්න


