leadsportz

ශ්‍රී ලංකා “ඒ” අභියෝගයට ඔස්ට්‍රේලියා "ඒ" කණ්ඩායමෙන් සාර්ථක පිළිතුරක්

ශ්‍රී ලංකා “ඒ” සහ ඔස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි සිවුදින ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද(22) තරගය නතර කරන විට ඔස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 3ක් දැවී ලකුණු 379ක් රැස් කරගැනීමට සමත්ව සිටියේය.

ඒ,ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 6ක් දැවී ඉනිම අත්හිටුවමින් රැස් කළ ලකුණු 485ට පිළිතුරු වශයෙනි.

ඒ අනුව තරගයේ තෙවැනි දිනය අවසාන වනවිට ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම ලකුණු 106ක් ඉදිරියෙන් සිටී.

පන්දු යැවීමේදී අසංක මනෝජ්,නුවනිදු ප්‍රනාන්දු සහ නිෂාන් පීරිස් එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වූහ.

Scroll to Top