leadsportz

යුපුන් ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දොරකඩටම යයි

බෙල්ජියම්හිදී පෙරේදා රාත්‍රියේදී පැවැති මලල ක්‍රීඩා තරගයකදී මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමට යුපුන් අබේකෝන්ට හැකියාව ලැබී තිබේ.
ඒ අනුව එහිදී වාර්තා කළ කාලය වන තත්10.03 මෙම වසරේදී ඔහු වාර්තා කළ හොඳම කාලය බවටද පත්වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් ඔහු වාර්තා කළ මෙම කාලය එළැඹෙන සැප්තැම්බර් මස 13 වැනිදා සිට 21 වැනිදා දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 කඩඉම ආසන්නයටම පැමිණීමට සමත්ව තිබීම කැපී පෙනේ.
එහිදී යුපුන්ට මෙම ශූරතාවලිය නියෝජනය කිරීමට නම් මීටර් 100 ඉසව්ව තත්10.00කදී අවසන් කළ යුතුව ඇති අතර, එම අවස්ථාව මෙවරත් යුපුන්ට අහිමිව ගොස් ඇත්තේ යාන්තමිනි.

Scroll to Top