leadsportz

ටියර් ‘බී’ එක්දින ක්‍රිකට් ශූරයෝ එස්එස්සී

අන්තර් සමාජ ටියර් ‘බී’ එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට එස්එස්සී ක්‍රීඩා සමා­ජය සමත් විය. එස්එස්සී පිටියේ පැවති තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යේදී සත්කා­ර­ක­යන් හමුවේ මොර­ටුව ක්‍රීඩා සමාජ පිල කඩුලු 4කින් පරා­ජ­යට පත්විය. ශූර­යන් වූ එස්එස්සී පිලට රුපි­යල් මිලි­ය­න­යක් සහ අනු­ශූර මොර­ටු­ පිලට රුපි­යල් 750,000ක මුදලක් හිමි විය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් මොරටු පිල ලකුණු 231ක් රැස් කළ අතර, ඕවර 40.4කදී ජය තහ­වුරු කර ගැනී­මට එස්එස්සී පිල සමත් වූයේ කඩුලු 6ක් දැවී තිබි­ය­දීය.

නිපුන් ධනං­ජය නොදැවී ලකුණු 73ක් රැස් කර­මින් එස්එස්සී පිල ජය­ග්‍ර­හ­ණය කරා ගෙන ගිය අතර, මොරටු ඉනිමේදී පූර්ණ ප්‍රභාත් පන්දු 80කදී හතරේ පහර 8කින් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 92ක් රැස් කළේය. නිපුන් අව­සන් තර­ගයේ වීරයා ලෙස සම්මා­නය සමඟ රුපි­යල් ලක්ෂ 2ක් දිනා­ගත් අතර, තර­ගා­ව­ලියේ දක්ෂ­තම පිති­කරු ලෙස හිරුන් සිගේරා (ලියෝ) සහ දක්ෂ­තම පන්දු යවන්නා ලෙස සහන් කෞශල්‍ය (මොර­ටුව) සම්මාන සමඟ රුපි­යල් ලක්ෂ 3 බැගින් හිමි­කර ගත්හ.

තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩ­කයා ලෙස සම්මා­නය සමඟ රුපි­යල් ලක්ෂ 5ක මුදල දිනා ගැනී­මට ක්‍රිෂාන් සංජුල (එස්එස්සී) සමත් විය.

Scroll to Top