leadsportz

දෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා "ඒ" ලකුණු 409ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා “ඒ” සහ ඔස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි සිවුදින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට ඔස්ට්‍රේලියා “ඒ” කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 76ක් රැස් කරගෙන සිටී. 

ඒ,ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 6ක් දැවී ඉනිම අත්හිටුවමින් රැස් කළ ලකුණු 485ට පිළිතුරු වශයෙනි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ පවන් රත්නායක ලකුණු 122ක්ද, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 102ක්ද වාර්තා කළ අතර, සොනාල් දිනුෂ ලකුණු 88ක් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව දෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම ලකුණු 409ක් ඉදිරියෙන් සිටී.

Scroll to Top