අවසන් T20 ගැටුමෙන්
ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත් පන්දුවාර විස්ස තරගාවලිය තරග 2ට 1්ක් ලෙස ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ඒ, අවසන් තරගය කඩුළු 8කින් ජය ගැනීමත් සමගයි.
අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 132ක් පමණී.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් ලකුණු 46ක් රැස්කර ගත්තේය.නොදැවී පන්දුවට පහරදුන් දසුන් ශානක පන්දු 25කදී ලකුණු 35ක් රැස්කර ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මෙහෙදි හසන් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 3කදී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 133ක් රැස්කරගෙන තරගය ජයගැනීමට සමත් විය.බංග්ලාදේශ පිල වෙනුවෙන් ටැන්සිඩ් හසන් නොදැවී ලකුණු 73ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහරක් ද සමගිනි.


