leadsportz

පොලොක්ගේ වාර්තාවක් වනිඳුගේ නමින් ලියැවෙයි

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග සමත් විය.

බංග්ලාදේශයට එරෙහිව පෙරේදා (5) පැවති දෙවන එක්දින තරගයේ දී ඔහු මෙම සුවිශේෂි කඩඉම පසුකර ගියේය.

මෙම තරගයේදී වනිඳුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 13ක් පමණක් වුවත්, එම ඉනිමත් සමග ඔහුට ජාත්‍යන්තර එක්දින ලකුණු දහයේ සීමාව (1012) පසුකර යාමට හැකිවිය.

ඒ අනුව එක්දින කඩුලු 106කට ද හිමිකම් කියන වනිඳු, ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 1000ත් කඩුලු 100ත් වේගයෙන්ම පසුකළ ක්‍රීඩකයා බවට පත්ව සිටි ෂෝන් පොලොක්ගේ වාර්තාව තමාගේ නමින් ලියා ගත්තේය.

ෂෝන් පොලොක් මෙම සුවිශේෂි වාර්තාව එක්දින තරග 68කදී පිහිටුවා තිබූ අතර, වනිඳු එය බිඳදමනු ලැබුවේ තරග 65කට ක්‍රීඩාකරමින්ය.

More Stories

තීරණාත්මක අවසන් ගැටුමට ශ්‍රී ලංකා රග්බි පිල නම් කෙරේ

පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

පරාජය වූ ශ්‍රී ලංකා දැල්පන්දු පිලට තවත් අවස්ථාවක්

Scroll to Top