දෙවැනි දිනය නිමාවන විට
ශ්‍රී ලංකාව ලකුණු 43ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකා – බංගලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ගෞරවය මුළුමනින්ම තමන් සතු කරගනිමින් , දිනය නිමාවට පත්වන විට කඩුළු 2ක් දැවී ලකුණු 290 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 146ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 93ක්ද රැස්කිරීමට සමත් විය. මේ අනුව දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8ක් අතැතිව ලකුණු 43ක් ඉදිරියෙන් සිටියි.
බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කරගැනීමට සමත් වූයේ ලකුණු 247ක් පමණි.


