බංගලාදේශ පළමු ඉනිම
ලකුණු 247කට සීමාවෙයි
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද(26) උදෑසන බංගලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 247කට සීමා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායකයා තීරණය කළ අතර ඊයේ පළමු දිනයට තරගය නිමා වන විට ඔවුන් කඩුළු 8 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටියේය.
අද උදෑසන බංගලාදේශ කණ්ඩායමේ ඉතිරි කඩුළු දෙකද ලකුණු 27ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සොනාල් දිනුෂ ලකුණු 22කට කඩුළු 3ක් දවාගැනීමට සමත් වීම විශේෂත්වයකි.අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩුළු 3ක් බිඳ හෙලීය.
බංග්ලාදේශ පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු සද්මන් ඉස්ලාම් ලකුණු 46 ක් ලබා ගත් අතර මුෂ්ෆිකර් රහීම් හා ලිටන් දාස් පිළිවෙලින් ලකුණු 35 ක් සහ 34 ක් බැගින් වාර්තා කරන ලදී.


