leadsportz

ආසි­යානු යොවුන් නෙට්බෝල් ශූර­තා­ව­ලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද

ආසි­යානු නෙට්බෝල් සම්මේ­ල­නය සංවි­ධාන කරන ආසි­යානු යොවුන් නෙට්බෝල් ශූර­තා­ව­ලිය දකුණු කොරි­යා­වේදී අද (27) ආරම්භ වෙයි.

රට­වල් 12ක් එක්වන තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩ­යෙන් තරග වදින අතර, එම කාණ්ඩ­යට මැලේ­සි­යාව, සිංග­ප්පූ­රුව, හොංකොං, ඉන්දි­යාව සහ තායි­ල­න්තය ඇතු­ළත්ව තිබේ. සත්කා­රක දකුණු කොරි­යාව සමඟ චීන තායිපේ, ජපා­නය, පාකි­ස්තා­නය, මාල­දි­ව­යින සහ සවුදි අරා­බිය ‘බී’ කාණ්ඩ­යෙන් තරග වදිති.

අද තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ඉන්දි­යා­වට එරෙ­හිව තරග බිමට පිවි­සෙන ශ්‍රී ලංකාව හෙට (28) මැලේ­සි­යාව සම­ඟත්, අනිද්දා (29) සිංග­ප්පූ­රුව සම­ඟත් තරග වැදී­මට නිය­මිත අතර, ජූලි 1 දා හොංකොං පිලට එරෙ­හිව ශ්‍රී ලංකා පිල මූලික වටයේ අව­සන් තර­ග­යට එක් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩා­යමේ නාය­ක­ත්වය කුරු­ණෑ­ගල ශුද්ධ වූ පවුලේ කන්‍යා­රා­මයේ චලනි නීෂාට හිමිව ඇති අතර, කොළඹ මියු­සි­යස් විද්‍යා­ලයේ මිනාගි කංකා­නිගේ කණ්ඩා­යමේ උප නායි­කාව ලෙස කට­යුතු කරයි. මේ කණ්ඩා­ය­මට බාෂි උඩ­ගෙ­දර, චිතේරා සම­ර­කෝන්, මිහි­දුම් කීර්ති­සිරි, නෙතුංගා ගුණ­රත්න, තරින්දි කාරි­ය­ව­සම්, මනෝදා රණ­සිංහ, අනු­ත්තරා කළු­ආ­රච්චි, සරනි සමාරා, තුමල්කා ඒක­නා­යක සහ සැනන් ද සිල්වා එක්ව සිටිති.

Scroll to Top