බීච් වොලිබෝල් තේරීම් පරීක්ෂණ ජූලි 12-13
ජාතික ජ්‍යෙෂ්ඨ බීච් වොලිබෝල් කණ්ඩායම් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ විවෘත පරීක්ෂණ ලබන මස 12 සහ 13 දිනවල මීගමුව වෙරළ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ.
ලබන අගෝස්තු මස 9 වැනිදා සිට 15 දක්වා මාලදිවයිනේ පැවැත්වීමට නියමිත මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා සංචිත තෝරා ගැනීම මෙහිදී සිදු වන අතර, පිරිමි තේරීම් පරීක්ෂණ ජූලි 12 වැනිදාත්. කාන්තා තේරීම් 13 වැනිදාත් සිදු කිරීමට නියමිතය. මේ සඳහා ඉදිරිපත් වීමට කැමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ දිනවල පෙ.ව. 8.00 මීගමුව වෙරළ ක්‍රීඩාංගණයට වාර්තා කරන ලෙස සංවිධායකයන් දන්වා සිටියි. වැඩි විස්තර 0112669344 ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මඟින් ලබාගත හැකිය.