leadsportz

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (28) පස්වරුවේ නම් කළේය.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර ඇත.

මෙම සංචිතයට වනිඳු හසරංග ඇතුළත් වුවත්, ඔහුගේ සහභාගිත්වය තීරණය වන්නේ ශාරීරික යෝග්‍යතාව මත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

මෙවර තරගාවලිය සැප්තැම්බර් 9 වැනිදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සැප්තැම්බර් 13වැනිදා බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

1. චරිත් අසලංක (නායක), 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. කුසල් පෙරේරා, 5. නුවනිදු ප්‍රනාන්දු, 6. කමිඳු මෙන්ඩිස්, 7. කමිල් මිෂාර, 8. දසුන් ශානක, 9. වනිඳු හසරංග, 10. දුනිත් වෙල්ලාලගේ, 11. චාමික කරුණාරත්න, 12. මහීෂ් තීක්ෂණ, 13. දුෂ්මන්ත චමීර, 14. බිනුර ප්‍රනාන්දු, 15. නුවන් තුෂාර, 16. මතීෂ පතිරණ

වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාව මත)

Scroll to Top