ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු තරගය අදයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය අරඹමින් පළමු එක්දින තරගය අද (29 වැනිද) හරාරේ හිදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියට නම් කෙරුණු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට, සිය පළමු ජාතික කණ්ඩායම් කැඳවීම ලද පවන් රත්නායක එක්ව සිටින අතර නුවනිඳු ප්‍රනාන්දු ද කලකට පසු කණ්ඩායමට කැඳවා ඇත. මෙය ඔවුන් දෙදෙනාට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ද නවක පිතිකරුවන් ජාත්‍යන්තර තලයේ අත්හදා බැලීම සඳහා වැදගත් අවස්ථාවක් වනු ඇත.
සිම්බාබ්වේ කණ්ඩායමේ පසුගිය වසර මෙරට තරග සංචාරයේදී කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකා මුණ ගැසුණු අතර එහිදී තරග 3කින් යුතු වූ එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.


