leadsportz

ජාතික මහා ක්‍රීඩා උලෙළේ බොක්සිං තරග ඇරඹෙයි

හත­ළිස් නව­වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ බොක්සිං තරග ඉසව් පෙරේදා (26) ගාල්ල නගර සභා එළි­ම­හන් පරි­ශ්‍රයේ දී ආරම්භ විය.

තරුණ කට­යුතු සහ ක්‍රීඩා අමා­ත්‍යාං­ශය හා ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව එක්ව සංවි­ධාන කරන ජාතික මහා ක්‍රීඩා උලෙළේ බොක්සිං තරග සඳහා සියලු පළාත් නියෝ­ජ­නය කර­මින් ක්‍රීඩ­ක­යන් 145ක් සහ ක්‍රීඩි­කාවෝ 79ක් එක් වෙති.

තරග 36කින් සම­න්විත බොක්සිං ඉසව්වේ තරග පස්වරු 2.30ට රාත්‍රී 10.30 දක්වා පැවැ­ත්වෙන අතර, තර­ගා­ව­ලිය අනිද්දා (30) නිමා වීමට නිය­මි­තය.

Scroll to Top