leadsportz

සනත්ගේ IPL වාර්තාවක් බිඳවැටෙයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන්  සමත් විය.

තරගාවලියේ 41වන තරගය ලෙසින් මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදී ඔහු මෙම සුවිෂේෂී වාර්තාව අලුත් කළේය.මෙම තරගයේ දී රිකෙල්ටන් පන්දු 55කදී නොදැවී ලකුණු 123ක් රැස්කිරීමට සමත්වූ අතර, එහි ශතක සීමාව ඔහු පන්දු 44කින් පසුකර ගියේය.

ඒ අනුව මීට වසර 18කට පෙර එනම්, 2008 වසරේ දී ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පන්දු 45කින් ශතකය රැස්කර මුම්බායි වෙනුවෙන් පිහිටුවා තිබූ වාර්තාව බිඳ වැටුණි.එමෙන්ම වෙවර තරගාවලියේදී එම වාර්තාව (පන්දු 44කින්) සමකිරීමට සමත්වූ තිලක් වර්මාගේ වාර්තාවත් මේ සමග බිඳ වැටී ගියේය.

Scroll to Top